දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ඊයේ (11) රාත්‍රි 7.30 ට පමණ හදිසියේ ආරම්භ කළ වර්ජනය අද (12) දිනයේද අඛණ්ඩව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් මගී බස් රථවලද දැඩි තදබදයක් ඇති වී තිබෙනවා. බොහෝ බස් රථවලට ගොඩවීමට නොහැකිව ජනතාව බොහෝ වේලා බස් නැවතුම්වල රැඳී සිටින බවද අප වාර්තාකරුවන් සඳහන් කළා.
මේ අතර පෞද්ගලික වාහන වැඩි සංඛ්‍යාවක්ද අද දිනයේ මාර්ග වෙත පිවිස ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක්ද හටගෙන තිබෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපා තිබෙනවා.
ගාලුපාරේ රත්මලාන ප්‍රදේශයේ සහ යුනියන් පෙදෙස ආශ්‍රිතව මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බවද වාර්තා වුණා.
මගීන් කියා සිටියේ දුම්රිය වර්ජනය නිසා සිය දෛනික කටයුතු සිදු කර ගැනීම සඳහා මෙලෙස බස් රථවලින් ගමන් කරන බවයි.