පසුගිය සඳුදා යකඩ කූරක් නිකට යට කොටසෙන් ඇනී කට ඇතුළෙන් මතුපිටට ආ සිද්ධියේ අනතුරට මුහුණ දුන් රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් පැය එකහාමාරක පමණ කාලයක් සැත්කමක් සිදු කළා.
අදාළ සැත්කමෙන් පසු රෝගියාගේ තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.
හෝමාගම රෝහලේ විශේෂඥ වෛද්‍ය ධම්මික වික්‍රමසේකර සඳහන් කළේ අනතුරට මුහුණ දුන් රෝගියාගෙන් යකඩ කූර ඉවත් නොකර අනතුර සිදු වූ ආකාරයෙන්ම රෝහල වෙත රැගෙන පැමිණි නිසා රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට වැඩි අවස්ථාවක් තිබූ බවයි.
මේ වන විට රෝගියාව සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති අතර ඔහු හංවැල්ල ජල්තර ප්‍රදේශයේ 54 හැවිරිදි ශාන්ත බණ්ඩාර නැමැති අයෙක්.
ඔහු ඉකුත් සඳුදා හෝමාගම පනාගොඩ සිය ඥාති නිවසකට පැමිණි ඇති අතර එහි අඩක් නිම කළ උඩු මහලේ ඇවිදමින් සිටියදී ලිස්සා ගොස් මෙම අනතුරට මුහුණ දුන්නා.