Sunday, May 5, 2024

General line - 0115112241

ධනංජය කොදෙව්වන්ට වැඩ පෙන්වයි




සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු සිවුදින කි‍්‍රකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා එ් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සමත් වුණා.

ඊයේ (14) දිනය නිමා වනවිට පළමු ඉණිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා 'A' කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 201ක් ලබා  සිටියා.

ඒ කොදෙව් 'A' කණ්ඩායම පළමු ඉණිමට රැස් කළ ලකුණු 364ට පිළිතුරු වශයෙන්.

නායක ධනංජය ද සිල්වා ලකුණු 104ක් රැස් කළා. වනිදු හසරංග ලකුණු 24ක් සහ දසුන් ශානක ලකුණු විස්සක් ලබා ගත්තා.