Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම කොදෙව්වන් හමුවේ පරාදයි




ශ්‍රී ලංකා ඒ  කණ්ඩායම සමග පැවති පළමු සිවුදින ක්‍රිකට්  තරගය ඉනිමකින් සහ ලකුණු 13කින් ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සමත් වුණා. 

පළමුු ඉනිමට කොදෙව් ඒ කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 364ක්. 

ඊට පිළිිතුරු වශයෙන් ශ්‍රී  ලංකා ඒ කන්ඩායමට පළමු ඉනිමට රැස් කළේ  ලකුණු 212ක් පමණයි. 

කොදෙව් පළමු ඉනිමට ලකුණු 152ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රි  ලංකා ඒ කණ්ඩායම  එහිදී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 139ක් පමණයිි. 

නායක ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කළ අතර සදුන් වීරක්කොඩි දෙවන ඉනිමේදී ලකුණු 56ක් රැස් කළා. 

කොදෙව් ඒ  කණ්ඩායමේ  ඩේමියන් ජාකොබ් ශ්‍රී  ලංකා දෙවන ඉනිමේදී කඩුලූ 6ක් බිද හෙලීමට සමත් වුණා. 

මෙම තරගය පැවැත්වුණේ ෆ්ලොරන්ස්හෝල් හිදියි