Friday, May 10, 2024

General line - 0115112241

සූර්යයාගේ බලය දකින්න ප්‍රංශ ජනාධිපති භාරත දේශයට




ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්රන් ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා සූදානම් වනවා. ඒ ලබන දෙසැම්බර් මාසයේදීයි.

ජාත්‍යන්තර සුර්ය ශක්ති එකමුතුවේ සමුළුවක් ලබන දෙසැම්බර් මස ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊට සහභාගී වීම සඳහායි ප්‍රංශ ජනාධිපතිවරයා ඉන්දියාවට යාමට නියමිතව තිබෙන්නේ.

සූර්ය ශක්තිය ප්‍රචලිත කිරිමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ජාත්‍යන්තර සුර්ය ශක්ති එකමුතුව පිහිටනු ලැබුවේ පසුගිය 2015 වසරේදීයි.

එය ලොව රටවල් 121 ක් නියෝජනය කරනු ලබනවා. 2015 වසරේ දී මෙහි සමාරම්භක අවස්ථාවට ප්‍රංශයේ හිටපු ජනාධිපති ප්‍රංශුවා හොලන්ඩේ සහභාගී වුණා.

දෙසැම්බර් මස 8 වැනිදා සිට 10 වැනිදා දක්වා අදාළ සමුළුව පැවැත්වෙන අතර ප්‍රංශයේ වත්මන් ජනාධිපති ඉමානුවේල් මැක්රන්ගේ ප්‍රථම ඉන්දීය සංචාරය ද මෙය වනවා.