Sunday, January 12, 2025

General line - 0115112241

පෝට් සිටියේ අරමුණ වෙනස් වෙයි! මුලින්ම විහාරමහා දේවී උද්‍යානයවගේ 10 ගුණයක ලොකු පාර්ක් එකක්

සමන්ත කුමාර




කොළඹ වරාය නගරය තුළ හෙක්ටයාර 90 ක විශාලත්වයෙන් යුත් මහජන උද්‍යානයක් ඉදිකරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ එය කොළඹ විහාරමහාදේවි උද්‍යානය මෙන් දස ගුණයක විශාලත්වයකින් යුතුව ඉදිිකරන බවයි. එය සියළුම ජනතාවට විවෘත්ත බවද එය මුලින්ම ඉදිකරනා බවද ඔහු මෙහිදී පැවසුවා.

වරාය නගරය ඉදි කෙරුණේ කැසිනෝ ගහන්න, කාර් රේස් පැදීමට වුවත් දැන් එය අරමුණක් ඇතිව ඉදිවන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. ලෝකයේ ආර්ථිකය හැසිරීම දැන් සිදුවන්නේ රටවල් නොව නගර කේන්ද්‍ර කරගෙන බව පැවසූ ඔහු කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඉන්දියානු සාගරයේ කලාපීය වානිජ්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීම මෙහි අරමුණ බව පැවසුවා. 

ශී‍්‍ර ලංකාවේ බස්නාහිර පළාත සහ කොළඹ නගරය, ඉන්දියන් සාගරයේ කලාපීය වාණිජ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වරාය නගරයේ ප‍්‍රධාන අරමුණ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.