Sunday, January 12, 2025

General line - 0115112241

වමනය කළ දැරිය ගැබ්ගෙන ඇතැයි කළ චෝදනාවට ළමාරක්ෂක අධිකාරියත් පරීක්ෂණ අරඹයි




ගැබ්ගෙන ඇති බව පවසමින් කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක දැරියක් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මේ වනවිටත් විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් එම ප‍්‍රදේශය වෙත පිටත් කර ඇති බවයි එම අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා පැවසුවේ.

එම නිලධාරී කණ්ඩායම මේ වනවිට අදාළ පාර්ශවයන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවද ඇය කියාසිටියා. 19 29 ශී‍්‍ර ලංකා ළමා දුරකතන සේවයට ලද පැමිණිල්ලක් අනුවයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, අගතියට පත් දැරියගේ දෙමව්පියන් විසින් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලක් හා සිද්ධිය පිළිබද පළ වු මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින්. ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන කණ්ඩායමක්ද එම ප‍්‍රදේශයට ගොස් අදාළ පාර්ශවයන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.