අතුරුගිරිය ප්‍රදේශයේ සුපිරි වෙළදසලකට ඊයේ (24) රාත්‍රී යතුරු පැදියකින් පැමිණි සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද හිස් ආවරණ පැළඳි පුද්ගලයින් දෙදෙනෙකු එහි සේවකයින්ට ආයුධ වලින් පහර දෙන බවට බියකර රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදලක් හා දුම්වැටි තොගයක් රැගෙන පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසනවා.
මෙම කොල්ලකරුවන් දෙදෙනා අංක තහඩු ආවරණය කරන ලද නවීන වර්ගයේ යතුරු පැදියකින් පැමිණ කඩු දෙකක්ද රැගෙන සුපිරි වෙළදසලට ඇතුලු වී සේවකයින් බිය කර මුදල් පැහැර ගන්නා ආකාරය ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා.
කොල්ලකෑමෙන් අනතුරුව කොල්ලකරුවන් දෙදෙනා කඩුවෙල දෙසට පලා යන ආකාරයද එම ආරක්‍ෂිත කැමරාවල සටහන්ව ඇති බැවින් අදාල ප්‍රදේශයේ මාර්ග දෙපස සවිකර ඇති කැමරා නිරීක්ෂණය කිරීමට කටයුතු කර ඇති බවත් පොලිසිය සඳහන් කළා.
කොල්ලකරුවන් සුපිරි වෙළදසලට අතුල් වී සේවකයින් බිය කර මුදල් පැහැර ගන්නා අයුරු පහතින් දැක්වෙනවා.