ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් ගතවනවිට එහි අත්දැකීම් ලංකාවට වැදගත් වෙන්නේ ඇයි? මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී මෙසේ කරුණු දැක්වූවා.
ඔක්තෝබර් විප්ලවය කියන්නේ 1917දී රුසියාවේදී සිදුවූ දෙයක්. එදා රුසියාව ඉතාම නොදියුණු රාජ්‍යයක්. සාර් පාලනය යටතේ ජනතාව විශාල පීඩාවකට පත්ව සිටියා. ගොවියන්ට ඉඩම් තිබුණේ නැහැ. ජනතාවට ආහාර තිබුණේ නැහැ. ඉතාම අඩු පහසුකම් යටතේ නොදියුණු වැඩවසම් රාජ්‍යයක් ලෙසටයි රුසියාව තිබුණේ. නමුත් 1917 විප්ලවයෙන් පසු සෝවියට් රුසියාව ලෙස දැවැන්ත ජයග්‍රහණ ප්‍රමාණයක් දිනා ගත්තා. විප්ලවයෙන් වසර 40කට පමණ පසු ලෝකයේ බලවත්ම රාජ්‍ය දෙකෙන් එකක් බවට පත්වෙන්න සෝවියට් රුසියාවට හැකිවුණා.
ආර්ථික වශයෙන් විශාල වර්ධනයක් අත්කරගත්තා. විප්ලවයෙන් වසර 13කට පසු 1930වනවිට රැකියා ප්රශ්නය විසඳන්න සමත් වුණා. 1940 ගණන්වල දෙවන ලෝක යුද්ධයේදී නාසීන් පරාජය කිරීමට විශාල කාර්යභාරයක් සෝවියට් රුසියාව විසින් සිදුකළා. දෙවන ලෝක යුද්ධයෙන් සිදුවූ කෝටි 5ක මරණ සංඛ්‍යාවෙන් කෝටි දෙකක්ම සෝවියට් පුරවැසියන් වීම විශේෂත්වයක්. සෝවියට් රුසියාවට විශාල ජීවිත හානි සහ දේපළ හානි සිදුවුණා. දෙවන ලෝක යුද්ධයෙන් අවුරුදු 10-12ක් ගතවනවිට ප්‍රබල රාජ්‍යයක් බවට පත්වීමට රුසියාවට හැකිවුණා.
විද්‍යාව හා තාක්ෂණික ක්ෂේත්රයේ විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අතරගන්න රුසියාවට හැකිවුණා. අභ්‍යවකාශ තරණයේ ප්රමුඛ ස්ථානයක් දිනා ගත්තා. විප්ලවයෙන් වසර 40ක් ගතවනවිට 1957දී ස්පුට්නික් යානය අභ්‍යවකාශගත කිරීමට රුසියාව සමත් වුණා. 1957 ලයිකා බැල්ල අභ්‍යවකාශගත කිරීමටත් 1961 පළමු මිනිසා, යුරී ගගාරින් අභ්‍යවකාශ ගත කිරීමටත් අනතුරුව 1963දී පළමු ගැහැනිය ලෙස වැලන්ටිනා තෙරෙස්කෝවා අභ්‍යවකාශගත කිරීමටත් රුසියාව සමත්වුණා. එමෙන්ම අධ්‍යාපනය ක්ෂේත්රයේ රුසියාව විශාල ජයග්‍රහණ අත්කර ගත්තා. 1916වනවිට 24%ක්වූ සාක්ෂරතාවය 99%දක්වා වර්ධනය කරගැනීමට සමත්වුණා.
සෝවියට් රුසියාවට අයත්ව තිබූ කිර්ගීසියාව 1930ගණන් වනවිටත් හෝඩියක් පවා අහිමි රාජ්‍යයක්. නමුත් සමාජවාදය යටතේ හෝඩියක් හඳුන්වා දී ආචාර්ය මහාචාර්යවරුන්, ලේඛකයන් බිහිකිරීමට සමත් වුණා. ලෝකයේ වැඩිම පොත් පරිශීලනය කරන රටක් ලෙසත් පුස්තකාල වැඩි ප්‍රමාණයක් තිබෙන රටක් ලෙසත් රුසියාව ප්‍රධාන තැනක් ගන්නවා. 1940 වනවිටත් පුස්තකාල 70,000ක් පමණ රුසියාවේ තිබුණා. සාහිත්‍ය කෘති රැසක උපත රුසියාවේදී සිදුවුණා. චිංගීස් අයිත්මාතොව්, මිහායිල් ෂෝලහොව්, ගෝර්කි, වැනි සාහිත්‍යධරයින් බිහිවුණා. අදටත් ලංකාවේ පොත් ප්‍රදර්ශනවල පරිවර්තන කෘති ලෙස තිබෙන්නේ රුසියානු පරිවර්තන. ඒ මගින් මුළු ලෝකයටම දැනුම ලබාදෙන්න රුසියාව කටයුතු කළා.
කී‍්‍රඩා ක්ෂේත්රයේදීත් විශාල ජයග්‍රහණ ලැබුවා. සෝවියට් රුසියාව පැවති සමයේ ඔලිම්පික් උළෙලේ වැඩිම පදක්කම් ලාභියා වුණා. උස පැනීමේ ලෝක ශූරයා අදටත් රුසියානුවෙක්. ආර්ථික, අධ්‍යාපනික, විද්‍යා-තාක්ෂණික, සාහිත්‍ය සහ කී‍්‍රඩා සියලූම ක්ෂේත්රවල ජයග්‍රහණ රැුසක් අත්කකර ගැනීමට හැකිවුණේ ඔක්තෝබර් විප්ලවයත් සමාජවාදී පරිවර්තනයත් නිසයි. නොදියුණු වැඩවසම් රුසියාව ජයග්‍රහණ රැසක් දිනාගන්න මෙම සමාජ පරිවර්තනයෙන් හැකිවුණා. අද අපේ රට ගත්තාම අපරාධ වැඩිවෙලා මිනීමැරුම් වැඩිවෙලා. නමුත් සෝවියට් රුසියාව සමාජවාදය තුළ අපරාධ සිදුවුණේ නැහැ. අපරාධවලින් තොර එවැනි රටක් සමාජවාදී පරිවර්තනයකින් හදන්න හැකි බව රුසියාව කරලා පෙන්නුවා.
රුසියාව තමන් ගැන පමණක් හිතපු රාජ්‍යයක් නෙවෙයි. ලෝකයේ බොහෝ දිළිඳු රටවලට ආධාර ලබාදුන්නා. ලංකාවට ඔරුවල වානේ සංස්ථාව ආධාරයක් ලෙස ලබාදුන්නා. ප්‍රජා ශාලා, සේවක නිවාස, සියලූම දේ නොමිලේ ලබාදුන්නා. කැළණි ටයර් කම්හල, රෙදිපිළි කර්මාන්ත ශාලා ලබාදුන්නා. මේ ආකරයෙන් ලෝකයේ බොහෝ රටවලට උදව් උපකාර කළා. සාහිත්‍ය කෘති විශාල වශයෙන් ලබාදුන්නා. 1980 ගණන්වල ලෙනින්ගේ තෝරාගත් කෘති 12ක් සුළු මුදලකට ලබාගන්න ජනතාවට හැකියාව තිබුණා. එවැනි රටක් ගොඩනැගුවේ ඔක්තෝබර් විප්ලවයෙන්. ඒ නිසාම අපිට ඔක්තෝබර් විප්ලවය ඉතාම වැදගත්.
රුසියාවට එදා සමාජවාදය යටතේ ජනනතාවගේ මූලික ප්‍රශ්න විසඳලා ජාතික සමගිය හදන්න හැකියාව ලැබුණා. නමුත් 1990 බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්රණවලින් සෝවියට් රුසියාව බිඳවැටීමෙන් පසු අද ධනවාදයේ අඝාදයට වැටිලා. පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල කාන්තාවන් අද ඇඟ විකුණන තත්වයට පත්වෙලා. සරණාගතයන් බවට පත්වෙලා. අපරාධ වැඩිවෙලා. ජනතාවගේ ඇති නැති පරතරය වැඩිවෙලා. එනිසා ඔක්තෝබර් විපලවයේ අත්දැකීම් අපිට ඉතාම වැදගත්.
ඒ අත්දැකීම පිිළිබඳව ශී‍්‍ර ලංකාවේ ජනතාව සමඟ බෙදා හදා ගන්න අපි කටයුතු කරනවා. අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකයෙන් මුදවා ගන්න ඔක්තෝබර් විප්ලවයේ පාඩම් ඉතාම වැදගත් වේ යැයි අප හිතනවා.