Sunday, January 12, 2025

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය අවිශ්වාසයෙන්

හර්ෂිකා සංජීවනී




පවතින තත්ත්වය සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් කිසිඳු විශ්වාසයක් තැබිය නොහැකි බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම කියාසිිටියේ මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු හෝ මේ වනවිට සම්පූර්ණ කර නොමැති බවයි.

ලබන වසරේ ජනවාරි 27 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවන පරිදි කටයුතු කිරීමට පක්‍ෂ නායකයින් එළඹුනු එකඟතාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා. 

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදිද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම කියාසිටියේ මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණය ගතයුත්තේ පක්‍ෂ නායකයින් නොව මැතිවරණ කොමිසම බවයි.