Monday, April 29, 2024

General line - 0115112241

රත්මලානේ දෙදරු මවක් සිරුරට ගිනිතබා ගනී




රත්මලාන ප්‍රදේශයේ දෙදරු මවක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (25) රත්මලාන, කල්දමුල්ල අරලිය නිවාස සංකීර්ණයේ නිවසක් තුළ මෙම කාන්තාව සිය ශරීරයට භූමිතෙල් දමා ගිනි තබාගෙන ඇති බවයි.

සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 41 ක් වූ ප්‍රියදර්ශණී ප්‍රනාන්දු නැමැති කාන්තාවක්. සියදිව හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) දින සිදු කිරීමට නියමිතයි.