ශී‍්‍රමත් අනගාරික ධර්මපාල පරෝපාකාර පදනම, ධර්ම වොයිස් ෆෝ ඇනිමල් සංවිධානය හා අවිහිංසාවාදී සංවිධානය එක්ව සංවිධාන කරන සත්ත්ව අයිතින් පිළිබඳ ආසියානු බෞද්ධ මහා සමුළුව අද (26) ආරම්භ වනවා.
ඒ කොළඹ ශී‍්‍ර සම්බුද්ධත් ජයන්ති මන්දිරයේදීයි.
ධර්මපාල පරෝපාකාර පදනමේ විධායක සභික පූජ්‍ය පේරාදෙණියේ සතින්ද්රිය හිමියන් පෙන්වා දෙන්නේ මෙරට බෞද්ධයන් විසින් සත්ත්ව අයිතීන් සම්බන්ධයෙන් ලෝකයට ආදර්ශයක් ලබාදිය යුතු බවයි.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00 ට සමුළුව ආරම්භ කිරීමට නියමිතයි.
ධර්මපාල පරෝපාකාර පදනමේ සාමාජික වෛද්‍ය ලංකා ජයසූරිය කියාසිටියේ සත්ත්ව අවිහිංසාව සම්බන්ධයෙන් ශි‍්‍ර ලංකාවේ පළමුවරට පැවැත්වෙන සමුළුව මෙය බවයි.