අද (27) සිට නිකුත් කිරීම නවතා දැමූ පැරණි ජාතික හැඳුනුම්පත හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අපහසුතාවන් රැසකට මුහුණදී සිට තිබෙනවා.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක අද සඳහන් කර සිටියේ ඒ සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර අදාළ සමාගම්වලද නිපදවීම අත්හැර තිබූ බවයි.
1972 වසරේ මෙරටට ගෙන්වූ එම යන්ත්‍ර මගින් හැඳුනුම්පත් ඊයේ (26) දක්වාම නිකුත් කරනු ලැබුවා.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් සහ පැරණි හැඳුනුම්පත නිපදවූ අයුරු දැක්වෙන ඡායාරූප පහතින් දැක්වෙනවා.
පැරණි හැඳුනුම්පත සැකසුණ අයුරු
එවක අගමැතිණියගේ පළමු හැඳුනුම්පත