Thursday, September 19, 2024

General line - 0115112241

මුරලිගේ නමට විරෝධයක් – ලෝක පූජිත වුනත් වැඩක් නෑලු



සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන ‘වෝන් – මුරලි’ කුසලානයට මුත්තයියා මුරලිදරන්ගේ නම යෙදීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

එ් මෙම තරගාවලියේදී මුත්තයියා මුරලිදරන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ දග පන්දු යැවීම් උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන්.

ශී‍්‍ර ලංකා කී‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඊයේ (20) කෝප් කමිටු සාමාජිකයින් මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන්ගෙන් කරුණු විමසීමක්ද කළ බවයි. අමාත්‍ය හර්ෂ ද සිල්වා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ බිමල් රත්නායක මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා.

මුත්තයියා මුරලිදරන් ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ ලෝක පූජිත කී‍්‍රකඩයෙකු වුවත් ඔහු මේ වන විට සහාය දක්වන්නේ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට බැවින් කුසලානයට ඔහුගේ නම ඇතුළත් නොවිය යුතු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.