Friday, October 18, 2024

General line - 0115112241

බලය බෙදිය යුතු බව ජනපති මහින්දත් කිව්වා




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවටත් බලය බෙදාහළ යුතු බවටත් ඉකුත් ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද පොරොන්දු වූ බව අමාත්‍ය කබීර් හෂිම් සිහිපත් කරනවා. එසේ තිබියදී  මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සදහා විරෝධය පළ කරමින් සිටින්නේ දේශපාලන වාසි ලබාගැනීමට බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කෙරුණු වකවානුවේදී ඊට මෙවැනි විරෝධතා පැමිණි බව අමාත්‍ය කබීර් හෂීම් මෙහිදී සිහිපත් කළා. එහෙත් එම විරෝධතා දැන් පුස්සක් වී තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

අමාත්‍ය කබීර් හෂිම් එම අදහස් පළ කළේ මාවනැල්ලේ අද (02) පැවති ජනහමුවකදීයි.