Monday, May 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිතිකරුවන් ඉන්දියාවේදී ලකුණු අතරට




ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ සමග පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ පළමු ඉණිමේදී විශිෂ්ට පිති හරඹයක නිරත වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අද (11) සමත් වුණා.

පළමු ඉණිම නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 06ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 411ක්.

ශ්‍රී ලංකා පළමු ඉණිමේදී පිතිකරුවන් සිව් දෙනෙකුම අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙනුනා.

යොවුන් ක්‍රීඩක සධීර සමරවික්‍රම ලකුණු 74ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 50ක් රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉණිමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54යි.

වේගවත් පිති හරඹයක නිරත වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 59කදී නොදැවී  රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 73ක්. දිල්රුවන් පෙරේරා ලකුණු 48කට දැවී ගියා. රොෂේන් සිල්වා ලකුණු 36ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැ`දී සිටිනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ කොල්කටා නුවර ජදාවුපූර් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදීයි.