Friday, May 17, 2024

General line - 0115112241

කොටන් පැටවූ ලොරියක් නිවසක වහලයක් උඩ නැවතුණු හැටි (PHOTOS)




කඹුරුපිටිය සිට රත්තපුර දක්වා ධාවනය වූ කොටන් පැටවූ ලොරි රථයක්  මාකදුර ප්‍රදේශයේදී ඊයේ (15)  අනතුරට ලක්වී තිබෙනවා.

මෙහිදී ලොරි රථය නිවසක් මතට වැටී ඇති අතර මේ හේතුවෙන් නිවසට දැඩි ලෙස හානි සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 

අනතුරෙන් කිසිවෙකුටත් ජිවිතහානි සිදුවී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.