Thursday, January 16, 2025

General line - 0115112241

එදා කරන්න බැරි වූ දේ අද කරන්න උදව් කරන්න (VIDEO)

වසන්ත පිවිතුරු




නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහයෝග දිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්දන් පාර්ලිමේන්තුවේ මෙම ඉල්ලීම කර තිබෙනවා.

විපක්ෂ නායකවරයා ඍජුවම පාර්ලිමේන්තුවේ දී මෙම ඉල්ලීම කර හිටපු ජනාධිපතිවරයාගෙන් කර තිබෙනවා.

නොබෙදුනු රටක් තුල බලය විමධ්‍යගත කර උතුරේ දෙමළ ජනතාවට අවශ්‍ය දේශපාලන විසඳුම ලබාගැනීම අවශ්‍ය බවයි මෙහිදී විපක්ෂ නායක ආර්.සම්බන්දන් කියා සිටියේ.

හිටපු ජනාධිපතිවරයා බලයේ සිටින අවස්ථාවේ ලබාදුන් පොරොන්දු ඉටු නොකළ බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා එදා නොකළ දේ වෙනුවෙන්  අද සහාය ලබාදෙන ලෙසයි ඉල්ලා සිටියේ.