Thursday, January 16, 2025

General line - 0115112241

සමාජ විරෝධි ක්‍රියා වලට හේතුව මත්ද්‍රව්‍ය - අඩු කරපු බියර් මිළ වැඩි කරන්න - යාපනයෙන් පණිවිඩයක් (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




රජය විසින් මෙවර අයවැයෙන් බීර මිල අඩු කිරීම හේතුවෙන් යාපනය මෙන්ම උතුරේ තරුණයින්ගේ බීමත්කම වැඩි වීම හේතුවෙන් සිදුවන සමාජ විරෝධි ක්‍රියාවන් වැඩිවීමට ඉඩකඩ ඇති හෙයින් වහාම බියර් මිල අඩු නොකට වැඩි කරන්නයි ඉල්ලීමක් කරමින් අද (17) යාපනයේදී විරෝධතාවක් පැවැත්වුණා.

යාපනයේ සිවිල් සංවිධානයක් විසින් සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවයට යාපනයේ තරුණ තරුණියන් පිරිසක් මෙන්ම වැඩිහිටියන් පිරිසක්ද සහභාගී වූ අතර යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල විරෝධතාවය පැයක පමණ කාලයක් පැවත්වුණා.

එහිදී විරෝධතාවයට එක්වූවන් කියා සිටියේ මත්පැන් මිල අඩුවීමෙන් සිදුවන්නේ යාපනයේ තරුණයින් මත්පැන්වලට තවත් ඇබ්බැහි වන බවයි.

දැනටත් තරුණයින් මත්පැන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම් නිසා නගරයේ තැනින් තැන පහර දීම් ඇතුලු භයානක සමාජ විරෝධී ක්‍රියාවන් සිදු කරමින් පවතින බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

රජය දැන් සිදුකළ යුත්තේ මත්පැන් මිළ අඩුකොට යාපනයේ මෙන්ම උතුරේ මත් උවදුර වැඩි කරන එක නොව උතුර ගිලගෙන ඇති මේ මත් රකුසා විනාශ කිරීමේ වැඩපිළිවලක් අත්‍යවශ්‍ය වී ඇති හෙයින් වහාම අඩුකර ඇති බීර මිළ වැඩි කළ යුතු බවටද එසේ නොවන්නේ නම් යාපනය මෙන් උතුරද දැඩි අවධානම් තත්වයකට මුහුණපෑමට සිදුවන බවයි ඔවුන් කියා සිටින්නේ.