නුවරඑළිය - ඩිපෝ හන්දිය ප්‍රදේශයේදී අද (17) පෙරවරුවේ කාන්තාවක් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙන බව වාර්තා වනවා.
ඇයගේ සැමියා විසින්ම මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පසුව ඔහු ද වස පානය කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව නුවරඑළිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 41 ක් වන දෙදරු මවක්.