Thursday, January 16, 2025

General line - 0115112241

පිලිපීන ජාතිකයා යළිත් සිය රටට




දින 3ක් තිස්සේ කටුනායක ගුවන් තොටුපළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටින පිලිපීන ජාතිකයා යළි දිවයිනෙන් පිටත් කර හැරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු යොදා තිබෙනවා.

මොහු ඉකුත් 13වනදා තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කටාර් රාජ්‍යයේ තාක්ෂණවේදියෙකු ලෙස රැකියාවක් සහා යාමටයි.

ඉකුත් 14 වනදා කටාර් රාජ්‍යයට යාමට ශ්‍රී ලන්කන් ගුවන් යානය වෙත ගිය ඔහුට එම යානය මගීන්ගෙන් පිරී පැවතීම නිසා එහි යාමට හැකි වී නැහැ.

මෙරට රැඳී සිටි කාලය තුළ ඔහුට කටාර් රාජ්‍යයෙන් නිකුත් කර ඇති වීසා ද අවලංගු වී තිබෙනවා.

ඒ අනුව, මෙම පිලිපීන ජාතිකයා අද (17) රාත්‍රියේ යළි තායිලන්තයේ බැංකොක් නුවර වෙත රැගෙන යාමට කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් කියා සිටියේ.