ගාල්ල ගිංතොට සිද්ධිය පදනම් කරගෙන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරක බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරනය කළා.
ජාතීන් අතර සිටින අන්තවාදීන් සුළු සිද්ධින් විශාල කර පෙන්වන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
දෙපාර්ශවයේම සිටින අන්තවාදීන් මෙවැනි සිද්ධින්ගේ මුවාවෙන් ජාතික සමගියට බාධා කර වාසි ලබා ගැනිමට උත්සාහ කරනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (19) ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරමින්
එවැනි පිරිස් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙසත් සාමය හා සමගිය ආරක්ෂා කිරීමට කැපවන ලෙසත් අග්‍රාමාත්‍යවරයා එහිදී සියලූ දෙනාගෙන් ඉල්ලිමක් කළා.
ප්‍රදේශයට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව නිරන්තරයෙන් ලබා දෙන ලෙසටද ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නා.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබුණා.
පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය තවදුරටත් එහි රඳවා සිටින බවයි.
මේ අතර අගතියට ලක්වූ පාර්ශ්ව සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන අදහස් පළ කළා.
මේ සිද්ධියට සම්බන්ධ අය පිළිබඳ තීරණය හෙට (20) දිනයේ දී ගන්නා බවයි ඔහු කියා සිටියේ.
ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පැහැදිලි කළා.
අදාළ නොසන්සුන්තා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 දෙනෙකු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
-------------
අගමැති නොසන්සුන් වූ ප්‍රදේශවලට යයි (19-11-2017 12:35)
(හර්ෂිකා සංජිවනී)
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉකුත්දා නොසන්සුන්තා ඇතිවූ ප්‍රදේශවල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) නිරීක්ෂණ චාරිකාවකට එක්වනවා.
මේ අතර නොසන්සුන්තා ඇති කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අගමැතිවරයා පවසා තිබෙනවා.
අමාත්‍ය සාගල රත්නායක සහ අමාත්‍ය වජිර අබේවර්ධන ද මෙම චාරිකාවට එක්වීමට නියමිතයි.
පෙරේදා (17) රාත්‍රි සිට ඊයේ (18) උදෑසන 9.00 දක්වාත් නැවත ඊයේ පස්වරු 6.00 සිට අද (19) අලුයම 6.00 දක්වාත් අදාළ ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබුණා.
මේ වනවිට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇති අතර එම ප්‍රදේශ සන්සුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ.
කෙසේවෙතත් ආරක්ෂාව සහතක කිරීම සඳහ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය තවදුරටත් එහි රඳවා සිටින බව ද ඔහු කියාසිටියා.
මේ අතර අගතියට ලක්වූ පාර්ශ්වවලින් පැමිණිලි ලබාගැනීම තවදුරටත් සිදුවන බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි ද ඔහු පැවසුවා.
අදාළ නොසන්සුන්තා සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ගණන 19දෙනෙක්. ඔවුන් සියලූදෙනා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.