වත්මන් ආණ්ඩුව අහිංසක ජනතාවගේ හිස මත බදු බර පටවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි පවසනවා.
තමන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ෂා කළ යුතු නිසා වත්මන් ආණ්ඩුව හෙළා දකින බවයි ඇය කියා සිටියේ.
මහනුවර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී මන්ත්‍රිවරිය මෙම අදහස් පල කළා.