සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද හෙදියන්ගේ පරිපාලන කටයුතු සඳහා පිහිටුවා තිබෙන හෙද ශාඛාවේ කටයුතු මාස 06ක පමණ කාලයක සිට අකර්මණ්‍ය වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
රට පුරා මධ්‍යම රජයේ රෝහල්වල සේවය කරන හෙද හෙදියන් 24000කගේ පමණ පෞද්ගලික ලිපිගොණුවල කටයුතු සිදුවන්නේ මෙම ස්ථානයෙන් බවත් එම කටයුතු නැවතීම තුල හෙද හෙදියන්ගේ සේවය ස්ථිර කිරීම්, ශ්‍රේණිගත උසස් කිරීම්, වැටුප් වර්ධක ඇතුලූ සියලූ කටයුතු නැවති ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
මේ ගැටලූ පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා සහ අනෙකුත් බලධාරීන් නිලවශයෙන් වෙත දැනුම් දී ඇති අතර එම කටයුතු සක්‍රීය කිරිම සඳහා මෙතෙක් පියවර ගෙන නොමැති බව සඳහන්.
එබැවින් මෙම ගැටලූ විසඳීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකරන, තත්ත්වයක් තුල ඊට එරෙහිව හෙද හෙදියන් සමග එකතුව ක්‍රියාමාර්ග ගැනීමට සමස්ත ලංකා හෙද සංගමය තීරණය කර ඇති බවයි එහි ජාතික සංවිධායක එච්.එම්.එස්.බී. මැදිවත්ත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
ඒ අනුව එම ගැටලූ විසඳීමට ක්‍රියානොකරන්නේ නම් ගැටලූවලින් පීඩාවට පත්ව සිටින හෙද නිලධාරීන් සමග එකතුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සංගමය තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
පලමු ක්‍රියාමාර්ගය ලෙස 2017.11.21 දින රට පුරා ප්‍රධාන රෝහල් සියල්ල ආවරණය කරන පරිදි විරෝධතා පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙන බවත් ඉදිරියේ දී හෙද හෙදියන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතා ක්‍රියාමාර්ගයක් ගන්නා බවද එම නිවේදනය මගින් දැනුම් දි තිබෙනවා.