අර්ජුන් ඇලෝසියස් සහ කෝප් කමිටු සාමාජිකයන් අතර ඇතිවූ දුරකථන සංවාදවලට අදාළ සිද්ධිය මෙන්ම බැඳුම්කර කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ අද (19) දිනයේ ද දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.
අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර අවශ්‍ය නීතිමය පියවර ගත යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ.
කෝපි කමිටුවේ තොරතුරු දුරකථනය මගින් ලබාදීම තුලින් පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කර ඇති බව ද ඔහු චෝදනා කළා.
එසේ පාර්ලිමේන්තුවේ විශ්වාසය කඩ කළ පිරිස් තවදුරටත් එහි සිටිය හැකි ද යන්න පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියා.
මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කලේ අස්ගිරි මහා විහාරයට ගොස් මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැදැකිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අද (19) අදහස් දක්වමින්.
අමාත්‍ය චන්දිම වීරක්කොඩි මාධ්‍ය වෙත අද (19) අදහස් දක්වමින් බැඳුම්කර කොමිසම පිළිබඳ අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ බැඳුම්කර සිද්ධිය යට ගැසීම සඳහා ආණ්ඩුව හෝ නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා නොකරන බවයි.