අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර සිද්ධිය පිිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමසම හමුවේ අද (20) පෙරවරු 9.30ට පමණ පෙනී සිටීමට නියමිතයි.
ඉකුත් බ‍්‍රහස්පතින්දා කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.
මේ වන විට බැදුම්කර කොමිසම පරිශ්‍රයේ ඇමතිවරුන් රැසක් රැඳී සිටිනවා. ඒ අගමැතිවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන්.
අදාළ පිරිස අතර ජෝන් අමරතුංග, ගාමිණි ජයවික්‍රම පෙරේරා, වජිර අබේවර්ධන, පී.හැරිසන් ඇතුළු පිරිසක් රැඳී සිටිනවා.
මේ අතර මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන් පිරිසක්ද මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා පැමිණ සිටිනවා.