Thursday, January 16, 2025

General line - 0115112241

අලුත් සමීක්ෂණයකින් ගර්භණී කාන්තාවන්ට පණිවිඩයක්




ගර්භණී සමයේ අවසන් මාස 03 දී එක් පසෙකට ඇලවී නිදා ගැනීමෙන් මල දරු උපත් සිදුවීම අවම කරගත හැකි බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

බි‍්‍රතාන්‍යයේ මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් සිදු කළ සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණ වුණා.

ඒ සඳහා ගර්භණී කාන්තාවන් දහසකට වැඩි සංඛ්‍යාවක් යොදා ගැණුනා. ඒ අතරින් එක් පසෙකට ඇලවී නිදාගත් කාන්තාවන් 735 දෙනෙකු දරුවන් බිහිකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසෙකට ඇල නොවී නිදා ගැනීමෙන් මල දරු උපත් සිදුවීමේ සම්භාවිතාව දෙගුණයකින් වැඩි බවයි අනාවරණ වී ඇත්තේ.