Thursday, January 16, 2025

General line - 0115112241

අයවැය විවාදයේදීත් ඇලෝසියස් මතු වෙයි




අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අද (20) 03 වන දිනයයි.

අධිකරණ අමාත්‍යංශය මෙන්ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා. 

පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී අවධානයට යොමු වුණේ අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් මාතෘකාවක්.

කෝප් කමිටු සාමාජිකයින් පිරිසක් අර්ජුන් ඇලෝසියස් සමග සිදු කළ දුරකතන සංවාද පිළිබඳවයි එහිදී අදහස් පළ කෙරුණේ. 

ඒ, සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් යොමු කිරීමත් සමගයි.