Thursday, January 16, 2025

General line - 0115112241

ඉන්ධන ගැටලුවක් නම් මේ අංකයට කතා කරන්න




ඉන්ධන පිළිබඳව ජනතාවට ගැටලු ඇත්නම් දැනුම්දීම සඳහා ඛණිජ තෙල් අමාත්‍යාංශය මගින් දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 0115 455 130 යන අංකය හරහා ඒ පිළිබඳව දැනුම් දිය හැකියි.

කෙසේවෙතත් දිවයිනේ විවිධ ස්ථානවල ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නොමැති බවට දැන්වීම්ද ප්‍රදර්ශනය කර ඇති බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.

මේ හේතුව නිසා ඉන්ධන තිබෙන ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් ඇති වී තිබෙනවා.

(ඡායාරූප - නවෝද්‍යා ගමගේ/සමන් විජය බණ්ඩාර)