බැඳුම්කර ගනුදෙනුවේ පාර්ශවකරුවෙකු වන අර්ජුන් ඇලෝෂිස් සහ අර්ජුන් මහේන්ද්‍රන් සමග මැති ඇමතිවරුන් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකු කළ දුරකථන සංවාදවල දත්ත විමර්ශන සඳහා සාක්ෂි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම අද (20) කරුණු පැහැදිලි කිරීමක් කළා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ අදාළ දුරකථන සංවාදවල දින සහ වේලාවන් පමණක් සාක්ෂි ලෙස යොදා ගත් බවයි.
එසේ නොමැතිව එම කිසිඳු දුරකථන සංවාදයක අන්තර්ගතය සාක්ෂි ලෙස යොදා නොගත් බව ඔවුන් අවධාරණය කරනවා.
තවද මැති ඇමතිවරුන් හෝ බාහිර කිසිඳු පුද්ගලයෙකුගේ දුරකථන දත්ත ලබා නොගත් බවද දත්ත ලබා ගත්තේ අර්ජුන් ඇලෝසියස්ගේ සහ අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුරකථන සංවාද සම්බන්ධයෙන් පමණක් බවද බැඳුම්කර කොමිසම කළ කරුණු දැක්වීමේ සඳහන්.
අදාළ දත්ත ලබා ගත්තේ අර්ජුන් ඇලෝසියස්ගේ සහ අර්ජුන් මහේන්ද්‍රන්ගේ ජංගම දුරකථනවලින් සහ නියමිත පටිපාටීන් යටතේ දුරකථන සේවා සැපයුම් ආයතනවලින් බවද මෙමගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
මේ අතර, මැති ඇමතිවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳ දත්ත බැඳුම්කර කොමිසමේ දී ප්‍රසිද්ධ විම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද (20) සංවාද ඇති වුණා.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ මෙමගින් මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වි ඇති බවයි.