පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් ලබා දුන් තවත් අයෙකු පිළිබඳව අද (20) අනාවරණ වුණා.
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ තමන්ට ද මුදල් ලබා දුන් බවයි.
මහ මැතිවරණයට පෙර අවස්ථාවක දී අර්ජුන් ඇලෝසියස් සිය කාර්යාලයට පැමිණ රුපියල් ලක්ෂයක මුදලක් මැතිවරණ කටයුතු සඳහා ලබා දුන් බවත් ඊට පෙර තමා අර්ජුන් ඇලෝසියස් නැමැති අයව හඳුනාගෙන නොසිටි බවත් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියා.
කැලණිය ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙම කරුණු කියා සිටියා.