අග්‍රාමාත්‍යවරයා කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් පමණක් ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබඳ චෝදනාවලින් ඔහුට හෝ එක්සත් ජාතික පක්ෂයට ගැලවිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම වංචාව සම්බන්ධයෙන් වරදකරුවන් කවුරුන්දැයි ජනතාව දැනටමත් තේරුම්ගෙන සිටින බවයි.
අග්‍රාමාත්‍යවරයාට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට සිදුවීමම ආණ්ඩුවේ පරාජයක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමේ අදහසින් ඉකුත් දා අභියාචනාධිකරණය හමුවේ ගොනු කෙරුණූ පෙත්සම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උවමනාවක් දැයි සැක සිතෙන බවයි ටිල්වින් සිල්වා මෙම මධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.
මහජන අවශ්‍යතාව හෝ නියමිත පටිපාටීන් අනුව නොව බලයේ සිටන පක්ෂයේ අවශ්‍යතාවන් අනුව මැතිවරණ පැවැත්වීම හෝ කල්දැමීමම මෑත ඉතිහාසයේ මෝස්තරයක් වී ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරණා.