අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ අද (20) කාරක සභා විවාදය තුළදි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමින් සඳහන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා නීතිපතිවරයා කැදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පදනම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර ඇති බවයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ පවසනවා.
දූෂණ විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා කටයුතු කරන ලෙස සඳහන් කළ බව පවසමින් කළ ප්‍රකාශය කිසිසේත් සත්‍ය නොවන බවත් එය පදනම් විරහිත කාරණාවක් බවත් කුමන හේතුවක් නිසාවත් නීතිපතිතුමා සිරිකොත පක්ෂ මූලස්ථානයට හෝ වෙන කිසිඳු ස්ථානයකට කැඳවීමක් සිදු නොකළ අතර අඩුම තරමේ තමන්ගේ නිවසේදීවත් නිතීපතිතුමා මුණ ගොගැසුනු බවත් කිසිවිටෙක තනතුරු හෑල්ලුවට ලක් කිරීමට කටයුතු නොකරන බවත් අමාත්‍යවරිය එහිදී සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ නීතිපතිවරයා වැනි රටේ ස්වාධීන අයෙකු පිළිබදව මෙසේ ප්‍රකාශ කිරීම පිළිබඳව කණගාටු වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි විසින් පුවත් පතක වාර්තා වු ප්‍රවෘත්තියක් පදනම් කර ගෙන මෙම ප්‍රකාශය සිදු කළ අතර එම පුවත් පතේ එවැනි කිසිඳු කරුණක් පිළිබඳව සඳහන් නොවන අතර නිසි ලෙස තොරතුරු නොදැන කළ ප්‍රකාශයක් බව සඳහන් කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යංශය කියා සිටියේ.