Friday, January 17, 2025

General line - 0115112241

දුරකථනයෙන් කළ සංවාද හෙළි කිරිමෙන් මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වෙලාද ?

සමන්ත කුමාර




ප්‍රශ්න ගත බැදුම්කර ගණුදෙනුවේ පාර්ශවකරුවෙකු වන පර්පර්චුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොෂියස් සමග මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු දුරකථනයෙන් කළ සංවාද පිළිබඳ දත්ත ප්‍රසිද්ධ කිරීමෙන් එම මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇත්දැයි පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රශ්න කෙරුණා.

ඒ සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල විසින් කරන ලද අදහස් දැක්වීමක් සමගයි.

ගාමිණී ලොකුගේ, රංජිත් ද සොයිසා, බුද්ධික පතිරණ සහ නිහාල් ගලප්පත්ති යන මන්ත්‍රීවරුන් ද මෙහිදී අදහස් පළ කළා.

මේ අතර, බැඳුම්කර ගනුදෙනුවේ පාර්ශවකරුවෙකු වන අර්ජුන් ඇලෝෂිස් සහ අර්ජුන් මහේන්ද්‍රන් සමග මැති ඇමතිවරුන් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකු කළ දුරකථන සංවාදවල දත්ත විමර්ශන සහා සාක්ෂි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම අද (20) කරුණු පැහැදිලි කිරීමක් කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ අදාළ දුරකථන සංවාදවල දින සහ වේලාවන් පමණක් සාකෂි ලෙස යොදා ගත් බවයි.

එසේ නොමැතිව එම කිසිඳු දුරකථන සංවාදයක අන්තර්ගතය සාක්ෂි ලෙස යොදා නොගත් බව ඔවුන් අවධාරණය කරනවා.

තවද මැති ඇමතිවරුන් හෝ බාහිර කිසිඳු පුද්ගලයෙකුගේ දුරකථන දත්ත  ලබා නොගත් බවද දත්ත ලබා ගත්තේ අර්ජුන් ඇලෝසියස්ගේ සහ අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුරකථන සංවාද සම්බන්ධයෙන් පමණක් බවද බැඳුම්කර කොමිසම කළ කරුණු දැක්වීමේ සහන්.