කොළඹට දැඩි මීදුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
අද (21) අලුයම් කාලයේ මෙම තත්ත්වය පැවතියා.
විශේෂයෙන් මෙම මීදුම් තත්ත්වය නිසා කොළඹ මාර්ග රැසක් පැහැදිළිව නොපෙනෙන තත්ත්වයකට පත්ව තිබුණා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.