Friday, January 17, 2025

General line - 0115112241

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන "විභාග ශාලාවල" ක්‍රියාවලියේ වෙනසක්

නිශාන් ද සිල්වා




මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අධීක්‍ෂණ කි‍්‍රයාවලිය පුළුල් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ද ඒ සඳහා එක් කර ගන්නා බවයි.

මෙම කි‍්‍රයාවලිය තුළින් විභාග ශාලාවල සිදුවිය හැකි වැරදි සමනය කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.  

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 12 වැනි දින සිට 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අයදුම්කරුවන් හයලක්‍ෂ අසූ අට දහස් පන්සිය හැත්තෑ තුන් දෙනෙකු (688573) ඉදිරිපත් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඉන් හාරලක්‍ෂ විසිනවදහස් හාරසිය අනූතුන් දෙනෙකු (429493) පාසල් අයදුම්කරුවන් වනවා. ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථාන ගණන පන්දහස් එකසිය දහසයක් (5116) වන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගණන එක්දහස් විසි තුනක් (1023) වනවා.