ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කිසියම් තැනැත්තෙකු වරදකරු බව හඳුනාගත්ත ද ඔවුන්ට දඬුවම් නියම කිරීමට හෝ ඔවුන්ගෙන් අලාභ අය කර ගැනීමට ජනාධිපති කොමිසන් සභාවකට නොහැකි බව නීති විශාරදයින් පවසනවා.
බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය ඊයේ (21) අවසන් වූ අතර එහි වාර්තාව දෙසැම්බර් 8 වැනිදාට පෙර ජනාධිපතිවරයා වෙත භාර දෙනු ඇතැයි අපේක්ෂිතයි. මෙම වාර්තාවේ බලාත්මකභාවය පිළිබඳ නෙත් නිවුස් කල විමසීමකදී නීති විශාරදයන් ඉහත පැහැදිලි කිරීම සිදු කළා.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ පෙන්වා දුන්නේ "මෙය හුදෙක් කොමිසමක් ක්‍රියාත්මකවීමක්. තොරතුරු ඒකරාශි කරලා..ඒ තොරතුරු මත පදනම් වෙලා නිගමනය ඉදිරිපත් කිරීමේ ආයතනයක් වශයෙන් පමණක් මෙය ක්‍රියාත්මක වෙනවා." යනුවෙනි.
ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳවද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ "නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වැනි ආයතනයන් වෙත මෙම නිගමනයන් යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ හරහා නිසි අධිකරණයක පවරණ නඩුවකින් තමයි ඔප්පු කිරීමකින් පසු දඬුවම් නියම කිරීමට හැකියාවක් තියෙන්නේ." යනුවෙනි.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වනවිටත් සාක්ෂි රැසක් ගොනුව ඇති බැවින් ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාවලියක් සඳහා දීර්ඝ කාලයක් ගත නොවනු ඇතැයි ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ මෙහිදී කියා සිටියා.