පෞද්ගලික වාහන භාවිතය දිරි ගැන්වීම ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් උචිත ප‍්‍රතිපත්තියක් නොවන බව විදුලි පාරිභෝගික සේවාව පිළිබඳ උපදේශකවරයෙකු වන බන්දුල චන්ද්‍රසේකර පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ විදුලි වාහන සඳහා මෙවර අය - වැයෙන් ලබා දී ඇති දිරි ගැන්වීම් පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදියි.
විදුලි වාහන දිරි ගන්වන්නේ නම් ඊට ගැලපෙන පරිදී ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.
වැඩිවන විදුලි ඉල්ලූම ඉන්ධන හෝ ගල් අගුරු මත සපයා ගැනීමට උත්සාහ කළහොත් විදුලි වාහනවලට සහන ලබා දීමෙන් අපේක්ෂා කරන පරිසර හිතකාමී සංවර්ධනය ළඟා කර ගත නොහැකි වනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.