අසත්‍ය ප‍්‍රචාර පතුරවා හරිමින් ඉන්ධන හිඟයක් මවා පෑමට ඇතැම් පිරිස් උත්සාහ කරන්නේ ආණ්ඩුවේ පෞද්ගලිකරණ අවශ්‍යතා ඉටු කිරීමටදැයි වෘත්තිය සමිති සැක පළ කරනවා.
ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා සඳහන් කරන්නේ "මේ අවස්ථා දෙකේදීම පෙන්වන්න හදන්නේ ඉන්ධන බෙදාහැරීමට තෙල් සංස්ථාව අසමත් කියන කාරණය. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි ත්‍රීකුණාමලය තෙල් ටැංකි ටික විකුණා දැමීමේ පසුබිම සකසා ගැනීමේ අරමුණින් කියලයි අපි දකින්නේ." යනුවෙනි.
අසත්‍ය ප‍්‍රචාර පතුරවා හැර ඉන්ධන හිඟයක් මවා පෑ බවට ආණ්ඩුවම ප‍්‍රකාශ කළ ද විමර්ශන වාර්තාවන්හි එවැන්නක් සඳහන්ව නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
එය සිය සැකය වඩාත් දැඩි කරන්නක් බවයි ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.