උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වූ 'උත්තර දේවී' දුම්රියට ඊයේ (20) රාත්‍රියේදී චුන්නාකම් ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
කොළඹ සිට යාපනය කන්කසන්තුරේයි දක්වා ධාවනය වූ 'උත්තර දේවී' දුම්රියට ඊයේ රාත්‍රි 7.30 ට පමණ චුන්නාකම් දුම්රිය ස්ථානයට කිලෝමීටර් භාගයක් පමණ ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වූ බවයි දුම්රියේ රියදුරු විසින් චුන්නාගම් පොලීසියට පවසා තිබුණේ.
එම අවස්ථාවේදීම චුන්නාකම් පොලීසිය විසින් ගල් ප්‍රහාරය එල්ල වූ ස්ථානය සෝදිසි කලද කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා.
ගල් ප්‍රහාරය එල්ල වීමෙන් දුම්රියේ ගමන්ගත් කිසිවෙකුටත් හානියක් සිදු නොවුව ද දුම්රියේ රියදුරු අසුනට ආසන්නයේ පිහිටි ජනේලයට මෙම ගල් ප්‍රහාරය වැදී තිබෙනවා. ඉන් එහි වීදුරුවකට හානි සිදුව ඇති බවද සඳහන්.