ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් අද (22) දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවනවා.
වැටුප් විෂමතා ඊට හේතුවයි.
වර්ජනය සඳහා හෙද නිලධාරීන්ට අමතරව ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්, පරිපූරක සේවාවේ මෙන්ම අතුරු වෛද්‍ය සේවාවේ නිලධාරීන් ද එක්වනු ඇති.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක ප්‍රතිකාර සේවා අද බිඳවැටෙනු ඇති බවයි.
වර්ජකයින්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදිය නොහැකිදැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගෙන් නෙත් නිව්ස් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ "විසඳුම් ලබා දිය හැකි කරුණු සඳහා ඊයේ දිනයේ සාකච්ඡා කර යම් යම් තීරණවලට එළඹුනා. අනික් කරුණු ගැන තීරණය ගත යුත්තේ රජය විසින්. ඒ ගැන අමාත්‍යාංශයට තීරණයක් ගන්න බැහැ. කොහොම වුණත් වර්ජනය කරනවා නම් ගැටලු ඇති වෙයි. හෙද නිලධාරීන් තිස්හයදහසක් ආවරණය කරන්න අපිට බැහැ." යනුවෙනි.
මේ අතර සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවේ නිලධාරීන් හම්බන්තොට සහ අනුරාධපුරයේ රෝහල්වල ඊයේ (21) පැය 4ක සංකේත වඩවර්ජනයක් ද සිදුකෙරුණා.
----------------------------
හම්බන්තොට සහ අනුරාධපුර රෝහල්වල වර්ජනයක්
(21-11-2017 10:37)
හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල නියුතු නිලධාරීන් හම්බන්තොට සහ අනුරාධපුර යන රෝහල්වල ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් එම රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
ඔවුන් මෙලෙස සේවාවලින් තාවකාලිකව ඉවත් වී වර්ජනයේ නිරත වන්නේ තමන්ට හිමිවිය යුතු අතිකාල දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූකාරී තත්ත්වය හේතුවෙන්.
අනුරාධපුර මහ රෝහලේ පැය 24ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වන බවයි අනුරාධපුර මහ රෝහලේ හෙද නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් ජයතිලක කියා සිටියේ.
හම්බන්තොට රෝහලේ හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල නියුතු නිලධාරීන් ද අද (21) උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා සේවාවලින් තාවකාලිකව ඉවත් වුණා.
මේ අතර හෙට (22) දිනයේ හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්වලට අමතරව ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ද දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බවයි හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය නෙත් නිවුස් වෙත කියා සිටියේ.
අද සහ හෙට දිනයේ ක්‍රියාත්මක මෙම වැඩවර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්වන සියලූ රෝගීන්ගේ වගකීම වගකිවයුතු පාර්ශවයන් භාරගත යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.