Friday, January 17, 2025

General line - 0115112241

දුම්රියට අනවශ්‍ය ඉඩම් මහජනතාවට

ඉෂාර සුපෙම් මානගේ




දුම්රියට අයිති ඉඩම් සිතියම්ගත කොට දුම්රිය සංවර්ධනයට අවශ්‍යව නැති ඉඩම් මහජනතාවට ලබා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අදාළ ඉඩම් බදු පදනම මත මෙලෙස ලබා දෙන බවයි ඊයේ (20) සවස කුරුණෑගල දුම්රිය ස්ථානයේ නව වේදිකාව විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සවයකදී සඳහන් කළේ.

දැනට දුම්රිය ඉඩම්වල අනවසර පදිංචිකරුවන් රාශියක් පදිංචි වී සිටින බවත්,  මේ හේතුව නිසා දුම්රිය සංවර්ධන කටයුතුවලට ඉඩම් ලබා ගැනීමට අපහසු වී ඇති බවත් පෙන්වා දුන්නා.

ඒ නිසා දුම්රියට අවශ්‍ය ඉඩම් යළි පවරා ගැනීමටත් අනවශ්‍ය ඉඩම් බදු පදනම මත ජනතාවට ලබාදීමට මේ වන විට කැබිනට් මණ්ඩලය මගින් අනුමැතියක් ලබාගෙන ඇති බවත් සඳහන් කළා.