Friday, January 17, 2025

General line - 0115112241

රන්ජන්ගේ අපහාස සිද්ධිය ගැන අධිකරණය අද ගත් තීරණය 




අධිකරණයට අපහාස වන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ බව කියන ප්‍රකාශය ඇතුළත් හඬ පටය ලබන මස 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර තිබෙනවා.

අධිකරණයට අපහාස කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (21) යළි ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනුනා.

එහිදී මෙම නියෝගය සිදු කෙරුණා.  නියෝජ්‍ය අමාත්‍යවරයා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියේ ඉකුත් 25 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි.

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ‍්‍රාමික ගුවන් හමුදා නිලධාරි සුනිල් පෙරේරා විසින් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම පෙත්සම ගොණුකර තිබෙනවා.

(මේ සම්බන්ධ මීට පෙර පුවත සඳහා මෙතැනින් පිවිසෙන්න)