Friday, January 17, 2025

General line - 0115112241

"මහින්දට භාර දුන්නොත් එකතු වෙනවා" - ඒකාබද්ධ විපක්ෂය කියයි

කසුන් කැලුම්




පක්‍ෂ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදෙන්නේ නම් පමණක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වන බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදි ඒකාබද්ධ විපක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඊයේ (20) ප‍්‍රකාශ කළා.

අමාත්‍යවරයා එහිදී කියාසිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර එකඟතාවක් ඉදිරියේදී ඇති වන බවයි.

විජිත් විජයමුණි අමාත්‍යවරයාගේ එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාරය දැක්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත සඳහන් කළේ "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය වැටෙන්න යනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාව පාවිච්චි කරනවා.. පස්සේ කරපිංචා වගේ විසි කරලා දානවා. මේ සැරේ එහෙම වෙන්න දෙන්නේ නෑ..අපි එකතු වෙන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මහින්ද රාජපක්ෂ මහත්තයාට භාර දෙන්න ඕනේ." යනුවෙනි.