අද (21) උදෑසන පොලිස් නිලධාරියෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා.
පොලිස් මූලස්ථානය නිවේදනය කළේ අද උදෑසන 9.15ට පමණ මුල්ලේරියාව පොලිස් ස්ථානයේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි.
ප්‍රේමසිරි නැමැති මෙම නිලධාරියා පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ගේ නිවස්නය තුළදී මෙම සියදිවි නසා ගැනීම සිදුකරගෙන ඇති අතර එසේ සිදු කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
අදාළ නිලධාරියා වයස අවුරුදු 57ක් වූ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.