කිසියම් පිරිසක් විසින් අද (21) උදෑසන හා ඊයේ සවස මුලතිව් මුහුද ගොඩගලන අවධානමක් ඇති බවට පවසා ඇති හෙයින් අද උදෑසන මුලතිව් නගරයම දැඩි පාලු ස්වභාවයක් ගෙන තිබෙනවා.
අද උදෑසන සිට මේ වන තුරම මුලතිව් නගරයේ කිසිදු වැසියෙකු දැකගන්නට නොමැති වූයේ ඊයේ සවස කිසියම් පිරිසක් විසින් සුනාමි අවධානමක් ඇති බවට ජනතාව බිය ගැන්වීම නිසාවෙන් සියලු වැසියන් අද ගමන් වලින් වැලකී සිය නිවෙස් තුලටම වී සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මුලතිව් පොලිසිය කියා සිටින්නේ කිසිදු සුනාමි අවධානමක් නොමැති බවටත්, කටකතාවක් හේතුවෙන් ජනතාව රැවටී ඇති හෙයින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙසයි.
පසුගිය දිනයන් වල ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහල යාම නිසා මුලතිව් ධීවරයින් හා ජනතාව යම් බියකින් පසුවන බවයි අප වාර්තාකරු කියාසිටියේ.