Friday, January 17, 2025

General line - 0115112241

හින්දු කෝවිලයක දන්සැලකින් කාපු සිසුන් ලෙඩ වෙයි

රංජිත් රාජපක්ෂ - හැටන්




ඩයගම ප්‍රදේශයේ වතු පාසලක සිසුන් පිරිසක් හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

ප්‍රදේශයේ හින්දු කෝවිලක පැවති උත්සවයක් අතරතුර දන්සැලකින් ලබාගත් දිවා ආහාරයකින් පසු ඔවුන් රෝගාතුර වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සිසුන් 39 දෙනෙකු මෙලෙස රෝගාතුර වූ අතර මේ වනවිට එක් සිසුවෙකු පමණක් ඩයගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.