Friday, January 17, 2025

General line - 0115112241

බැසිල්ගේ ලිත් නඩුව විභාගයට දින ලබාදීමට සූදානම්




හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ලිත්  නඩුව කොළඹ මහාධිකරනයේ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට ගැනීමට ඉඩ දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීන්දුව නොවැම්බර් මස 24 දා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (21) දින ලබාදී තිබෙනවා.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුවක් කොළඹ මහාධිකරනයේ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට නොගෙන කොළඹ මහාධිකරනයේ වෙනත් උසාවියකට මාරු කරන ලෙසට ඉල්ලා බැසිල් රාජපක්ෂ අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

පසුගිය ජනාධිපතිවරනය සමයේදී සිල් රෙදි බෙදා දීමේ  වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල්  වංක ලෙස සාවදය පරිහරනය කිරීමේ චොදනා වලට වැරැදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහි නඩුව විභාගයට ගෙන තීන්දුව ලබා දුන්නේද විනිසුරු ගිහාන් කුලතුංග විසිනුයි.