Wednesday, May 15, 2024

General line - 0115112241

දිවුලපිටිය වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ මන්ත්‍රීවරයා ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ටෝනි කරුණනායක - ගම්පහ




දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍රදේශයේ පසුගිය මස (23) දින පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවිගත් කණ්ඩායමක් අතර සිදුවු වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගෝ ඇතුළු පිරිස ලබන මස 5 වෙනිදා දක්වා යළි බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ සැකකරුවන් අද (21) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළා.

මෙහිදී මන්ත්‍රීවරයාගේ ඩිපෙන්ඩර් රථය රුපියල් ලක්ෂ 3ක බැඳුම්කරයක් මත ඔහුගේ පියාට මුදා හැර තිබෙනවා.

එමෙන්ම මන්ත්‍රීවරයා පැමිණි වෑන් රථය ද රුපියල් ලක්ෂ 3ක බැඳුම්කරයක් මත අදාළ වෑන් රථයේ අයිතිකරුට මුදා හැරුණා.

මෙම වෙඩි හුවමාරුවේ දී මිනුවන්ගොඩ ප්‍රදේහයේ පදිංචි පුද්ගයෙකු මිය ගියා.