Wednesday, May 15, 2024

General line - 0115112241

එල්ටීටීඊය යළි බිහි වෙනවාට කැමති නෑ (VIDEO)




ශ්‍රී ලංකාවේ නැවත වතාවක් එල්ටීටීඊ සංවිධානය හිස එසවීම දෙමළ ජාතික සන්ධානය කිසිසේත් අනුමත නොකරන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්දන් පවසනවා.

තම පක්ෂය යුද්ධයට හා ප්‍රචණ්ඩත්වයට අකමැති බවයි විපක්ෂ නායකවයරයා කියා සිටියේ.

ඔහු අයවැය විවායට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියා.

තමන්ට අවශ්‍ය නොබෙදුනු එකමුතු ශ්‍රී ලංකාවක් තුල ජීවත් වීම බවද මෙහිදී පෙන්වා දුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක ආර්. සම්බන්දන් මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා දෙන ලෙසත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලීමක් කළා.